ජූනි මාසයෙන් පසුව අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙනුයේ දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් වෙත පමණි. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ දත්තවලට අනුව එම වැඩසටහන ආරම්භ කළ මුල් අවධියේ සිට ලක්ෂ 16කට ආසන්න ජනතාවක් එම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් සපුරා තිබිණි.