චීන ජනාධිපති ෂී ජින් පිං Shandong පළාතේ Dezhou නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. කෘෂිකර්මාන්තයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල නවීකරණය චීනයේ සමස්ත නවීකරණයට ඉතා වැදගත් වනවා. කෘෂිකර්මාන්තයේ සහ ග්‍රාමීය ප්‍රදේශවල නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා ස්ථිර පියවර ගනිමින් බුද්ධිය මෙහෙයවා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වඩා සොඳුරු ජීවිත නිර්මාණය කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබුණා. සංචාරය අතරතුර Lingcheng දිස්ත්‍රික්කයේ Dongyujia ගම්මානයට ගොස්, ගිම්හාන කාලයේ එහි කෘෂිකාර්මික නිෂ්පාදන කටයුතු පිළිබඳ වාර්තාවක් විමසා බලා එහි තිරිඟු අස්වැන්න, ඉරිඟු වගාව සහ කෘෂිකාර්මික සැපයුම පිළිබඳ තත්ත්වය සොයා බැලීමට ද ජනාධිපතිවරයා එක් වුණා.ඉන් අනතුරුව, ෂී ජින් පිං ජනාධිපතිවරයා Xiyujia ගම්මානයට ගොස් එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වී තිබෙනවා. ඔහු ගම්මානයේ පක්ෂ හා මහජන සේවා මධ්‍යස්ථානයට ගොස්, පක්ෂ සංවිධාන ගොඩනැගීම සහ පහසු සේවාවන් සැපයීම පිළිබඳව විමසා, ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ප්‍රාදේශීය භාවිතයන් පිළිබඳව කරුණු විමසා තිබෙනවා.චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 105 වන සංවත්සරය සැමරීමට චීන ජනතාව සූදානමින් සිටින බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එම ගම්මානයේ වැසියන්ට දන්වා සිටි අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කළ යුතු බවද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිඳී සඳහන් කළා.The post කෘෂිකර්මාන්තයේ සහ ග්රාමීය ප්රදේශවල නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා ස්ථිර පියවර ගත යුතු බව චීන ජනපති අවධාරණය කරයි appeared first on Siyatha News.