වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පාවක්

Wait 5 sec.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, Greenwich වේලාවෙන් 24 වනදා රාත්‍රියේ රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක් වෙනිසියුලාවෙන් වාර්තා විය. එම භූ කම්පා දෙක විනාඩි දෙකක් පමණ කාලයක් ඇතුළත සිදු ව තිබේ.වෙනිසියුලාවේ නගර කිහිපයකට එම භූමිකම්පා බලපා ඇත. සිරවී සිටි තුවාල ලැබූවන් 18 දෙනෙකු බේරාගෙන ඇති බවත් රජයේ නිලධාරීන් 500කට අධික පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට එක්වන බවත් Caracas අගනගරයට ආසන්නව පිහිටි Chacao හි නගරාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.වෙනිසියුලාවේ භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය රතු අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර බරපතල ජීවිත හානි, විශාල පරාසයක විනාශ සහ ආර්ථික අලාභ හානි මෙන්ම බොහෝ ප්‍රදේශවල ආපදා තත්ත්වයන් පුරෝකථනය කර තිබිණ.The post වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පාවක් appeared first on Siyatha News.