චීනයේ තායිවාන ප්‍රශ්නය කෙරෙහි බාහිර බලවේගයන්ට මැදිහත් වීමට ඉඩ නොදෙන බවත්, එකම චීනය මූලධර්මය හා චීන – ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුනම දැඩි ලෙස අනුගමනය කරමින් තායිවාන ප්‍රශ්නය සම්බන්ධව ඇමරිකාව සැලකිලිමත් විය යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශය පවසයි.තායිවාන දූපතේ නැගෙනහිර කලාපයන්හි ආර්ථික ප්‍රදේශ හා මහාද්වීපික සීමාව අයිති වන්නේ චීනයටය. මෙම ප්‍රදේශ තුළ, චීනය අදාළ ක්‍රියාකාරකම් සිදු ‍කළේ සිය ස්වෛරීභාවයට හා පාලන සීමාවට අනුකූල වෙමිනි. මෙවැනි ක්‍රියාකාරකම් නීත්‍යනුකූල මෙන්ම අවිවාදිත යැයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning අද (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. කිසිවිටෙකත් චීනය මෙම මුහුදු ප්‍රදේශයේ ගැටුම් ඇති කිරීමේ හා එහි ස්ථාවරත්වය බිඳ දැමීමේ පාර්ශ්වය නොවන බව ද ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.The post තායිවාන ප්රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව සැලකිලිමත් විය යුතු බව චීනය අවධාරණය කරයි appeared first on Siyatha News.