වයඹදිග චීනයේ Ningxia Hui ස්වායත්තයේ අගනුවර වන Yinchuan හිදී “ 47 වැනි ලෝක මිදි සහ වයින් සම්මේලනය ”( World Congress of Vine and Wine) ඊයේ (12) ආරම්භ විය. 1924 වසරේ ආරම්භ වූ මෙම සම්මේලනය, ජාත්‍යන්තර මිදි සහ වයින් සංවිධානයේ 24 වැනි මහා සභා රැස්වීමට සමගාමීව පැවැත්වේ. මෙම සම්මේලනය ආසියාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.රටවල් 51ක සාමාජික නියෝජිතයින්, චීනයේ සිටින රටවල් 25ක රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, රටවල් 47ක සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් ඇතුළු 800කට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි. ගෝලීය මිදි සහ වයින් කර්මාන්තය සඳහා නව සංවර්ධන පරිසරයක් ගොඩනැගීම මෙවර සම්මේලනයේ තේමාවයි.මීට සමගාමීව පැවැත්වෙන විද්‍යා හා තාක්ෂණ සැසියේදී රටවල් 35ක ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා 400කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. සම්මේලනයට සමගාමීව චීන (Ningxia) ජාත්‍යන්තර වයින් සංස්කෘතික හා සංචාරක ප්‍රදර්ශනය ද ආරම්භ විය. රටවල් 16ක ප්‍රමුඛ වයින් නිෂ්පාදනාගාර සහ ව්‍යවසායන් 84ක් ඊට එක්ව සිටින අතර, Ningxia ඇතුළු චීනයේ ප්‍රධාන වයින් නිෂ්පාදන කලාපවල ප්‍රමුඛ වයින් නිෂ්පාදනාගාර 146ක් ද ඊට ඇතුළත්යThe post ආසියාවේ පැවැත්වෙන ප්රථම ලෝක මිදි සහ වයින් සම්මේලනය ඇරඹේ appeared first on Siyatha News.