නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකාරිය මේ අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත් සැත්කමට භාජනය වෙමින් සිටින බවත්, එය සූවිශේෂි කරුණක් සේ සලකා ඇයට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.