කාන්තාවන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබා දීම තහවුරු කර, ඔවුන් වෙනුවෙන් ඩිජිටල් හා බුද්ධිමය අධ්‍යාපනය වැඩිදියුණු කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආර්යාව වන Peng Liyuan මහත්මිය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී. ඇය මේ බව කියා සිටියේ ඊයේ(09) ප්‍රංශයේ Parisහි පැවති දැරියන්ගේ සහ කාන්තාවන්ගේ අධ්‍යාපනය සඳහා වන 2026 වසරේ UNESCO ත්‍යාග ප්‍රදානෝත්සවය වෙත වීඩියෝ මාධ්‍ය ඔස්සේ දේශනයක් සිදු කරමිනි.දැරියන්ගේ හා කාන්තාවන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ විශේෂ නියෝජිතවරිය ද වන Peng Liyuan මහත්මිය එහිදී සම්මානලාභීන් වන මොරොක්කෝ රාජ්‍යයේ හා පේරු ජනරජයේ අදාළ ආයතනවලට සුබ පැතුම් පිරිනැමූවාය. මෑත වසරවලදී, UNESCO සංවිධානයේ මගපෙන්වීම හා ජගත් ප්‍රජාවේ පොදු ප්‍රයත්න යටතේ, ගෝලීය වශයෙන් දැරියන්ගේ හා කාන්තාවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ඇය පෙන්වා දුන්නාය. දැරියන්ගේ හා කාන්තාවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත අඛණ්ඩව ඉහළ වැදගත්කමක් ලබා දෙන චීනය, UNESCO සංවිධානය හා අදාළ පාර්ශ්වයන් සමග එක්ව ඵලදායී සහයෝගීතා පැවැත්වීමෙන් රටවල් රැසක කාන්තාවන් වෙත ප්‍රතිලාභ ලබා දී ඇත. ඒ ඒ පාර්ශ්වයන් සමග එක්ව, දැරියන්ගේ හා කාන්තාවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වන වඩාත් ඉහළ සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට තමා කැමැත්තෙන් සිටින බව ද Peng Liyuan මහත්මිය එහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.චීනය හා UNESCO සංවිධානය එක්ව 2015 වසරේදී දැරියන්ගේ සහ කාන්තාවන්ගේ අධ්‍යාපනය සඳහා වන සම්මානය හඳුන්වා දී ඇත. අඛණ්ඩව සාධනීය බලපෑම් සිදු කර ඇති මෙම සම්මානය, ජගත් ප්‍රජාවේ පුළුල් අවධානයට හා ඉහළ සැපසුමට ලක් වී තිබීම විශේෂත්වයකි.The post කාන්තා වෘත්තීය අධ්යාපනය තහවුරු කරන්නැයි චීන ජනපති ආර්යාවගෙන් ඉල්ලීමක් appeared first on Siyatha News.