සයිබර් ආරක්ෂක අවදානම්වලට මුහුණ දීමේදී සමාන මට්ටමේ සංවාදයකට එක්වන්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක්

Wait 5 sec.

සයිබර් ආරක්ෂක අවදානම්වලට මුහුණ දීමේදී ඇමරිකාව චීනය සමග සමාන මට්ටමේ සංවාද පැවැත්විය යුතු බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.ඇය මෙසේ පැවසුවේ ඊයේ(9) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම චීන-ඇමරිකා දෙරටේම පොදු අවධානයට ලක්වන කරුණකි. ද්විත්ව ප්‍රමිතීන් හා දේශපාලන අරමුණු අත්හැර, චීනය සමග සමාන මට්ටමේ සංවාද පවත්වනු ඇතැයි චීනයේ බලාපොරොත්තුවයි. එසේම සාමකාමී, ස්ථාවර සහ එකිනෙකාට ගරු කරන චීන-ඇමරිකා සයිබර් සම්බන්ධතාවයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවද ඇය කියා සිටියාය.The post සයිබර් ආරක්ෂක අවදානම්වලට මුහුණ දීමේදී සමාන මට්ටමේ සංවාදයකට එක්වන්නැයි ඇමරිකාවට චීනයෙන් ඉල්ලීමක් appeared first on Siyatha News.