එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කළ නිඩාල් හසන්ට වෙඩි තබා මරණ දඬුවම ක්‍රියාත්මක කරන අයුරු සජීවීව විකාශය කරන බව පෙන්ටගනය කියයි

Wait 5 sec.

වෙඩි තැබීමේ කණ්ඩායමක් මගින් ඇමරිකානු හමුදාවේ හිටපු මේජර්වරයෙකු මරණ දණ්ඩනයට ලක් කිරීම මහජනතාවට නැරඹීමට හැකි වනු ඇතැයි ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ.ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු BBC වෙත පැවසුවේ 2009 දී ෆෝට් හුඩ් හිදී නිරායුධ එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ නිඩාල් හසන්ට ලබාදෙන මරණ දඬුවම සජීවීව විකාශය කරන බවයි.