මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය ප්‍රදේශ කිහිපයක පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයකට පත්වීමෙන් දෙනියාය ප්‍රදේශයේ පාසල් දින කිහිපයක් වසා තැබීමට ද සිදු විය.සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ, මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගය පාසල් ළමුන් අතර වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ය.