ඇඹිලිපිටිය නෝනාගම සුදුපාලම අසල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ අද (03) පෙරවරුවේ ඇති වූ ගින්නක් හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ සහ විෂ දුම ආඝ්‍රාණය වූ සේවිකාවන් 22 දෙනෙකු පමණ ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. සෙවනගල ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින අතර, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.The post ඇඹිලිපිටිය ඇඟලුම් කර්මාන්තශාලාවක ගින්නක් appeared first on Siyatha News.