නාමල්ගේ අත්අකුරු රස පරීක්ෂක වෙත: අත්අකුරු සහිත ලේඛනයක් ගැන තොරතුරු හෙළි කරයි

Wait 5 sec.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් 20 වන දා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියම කළේ ය.මෙම නඩුකරය අද (නොවැ: 06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබිණි.මෙම නඩුවට අදාළව ඇප මත මුදා හැර සිටි (නමුත් වෙනත් නඩුවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටී) සැකකාර නාමල් රාජපක්ෂ සහ තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.