මෙම වසරේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම්කාරී සිදුවීම් කිහිපයක් සමග බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු පිළිබඳව නැවතත් සමාජයේ අවධානය යොමු විය. එහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු පිළිබඳව ද සාකච්ඡාවක් මතු විය මතු විය. මෙම කරුණු සම්බන්ධයෙන් නිල දත්ත ලබා ගැනීම සඳහා බීබීසී සිංහල විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී.