ඇමරිකාවේ Philadelphia නගරයේ ඊශ්‍රායලයට සහාය දක්වන බව කියන ව්‍යාපාර ඉලක්ක කරගනිමින් සංවිධානය කළ පාපැදි වර්ජන විරෝධතාවකට එරෙහිව ඊශ්‍රායල ධජ රැගත් සිය ගණනක පිරිසක් ඊයේ(8) දැවැන්ත ප්‍රතිවිරෝධතාවක් පවත්වා තිබේ.පැවති පාපැදි විරෝධතාවට එරෙහිව සිය ගණනක පිරිසක් එක්වීමත් සමඟ ඇමරිකාවේ Pennsylvania ප්‍රාන්තයේ විශාලතම නගරය වන Philadelphia හි ඇතැම් ස්ථානවල උණුසුම් වාචික ගැටුම් ද හටගෙන තිබේ.පාපැදිකරුවන්ගෙන් බොහෝ දෙනෙකු මුහුණු ආවරණ, හිස්වැසුම් සහ අව් කණ්ණාඩි පැළඳ සිටි බව වාර්තා වේ. ඔවුන් අතරින් කිහිපදෙනකු පලස්තීන ධජ රැගෙන සිටි අතර තවත් පිරිසක් පලස්තීන සාම්ප්‍රදායික Keffiyeh රෙදිවලින් සැරසී සිටියහ.The post ඇමරිකාවේ යුදෙව් ව්යාපාර වර්ජනය කිරීමට එරෙහිව දැවැන්ත විරෝධතාවක් appeared first on Siyatha News.