රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා අද (නොවැ: 09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 26ක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබී ය.