කාවන්තිස්සගේ මරණයේ සුලමුල හෙළි කර ගැනීමට ගන්නා පියවර ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

Wait 5 sec.

අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහිත රාජකරුණා කියා සිටියේ, කාවන්තිස්ස ඇතාගේ අකල් මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ට චෝදනා එල්ල වෙමින් පවතින බවයි. ඔහු කියා සිටියේ, ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ස්වාධීනව විධිමත්භාවයකින් යුක්තව හා උපරිම විද්‍යාත්මක සාධාරණත්වයකින් යුක්තව සිදු කිරීම මගින් ඇතාගේ මරණයට සැබෑ වගකිව යුත්තන් කවුරුන් ද? යන්න අනාවරණ කර ගැනීමට හැකි බවයි.