ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් අනතුරුව Donald Trump පරිපාලනයේ සිදුවිය හැකි තනතුරු වෙනස්කම් අතරතුර ආරක්ෂක ලේකම් Pete Hegseth සහ රාජ්‍ය ලේකම් Marco Rubio සිය ධුරවලින් ඉවත්වනු ඇති බවට පැතිර යන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කර තිබේ. විශේෂයෙන්ම ඉරාන යුද්ධය හසුරුවා ඇති ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ල වීමත් සමඟ Hegseth වෙනුවට වෙනත් අයෙකු පත් කළ යුතු බවට ඉල්ලීම් පවතින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත. රිපබ්ලිකන් පක්ෂයේ මැතිවරණ පරාජයට ද එම යුද්ධය හේතු වූ බවට චෝදනා එල්ල වී තිබේ.මේ අතර 2028 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමක් හේතුවෙන් තමන් රාජ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීම ගැන සලකා බලන බවට පළවන වාර්තා Marco Rubio ප්‍රතික්ෂේප කර තිබේ. තමන් Trump ගේ ධුර කාලය අවසන් වන තෙක් ඔහු සමඟ කටයුතු කිරීම සැමවිටම සැලසුම වූ බව Rubio, The New York Times සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත.The post මැතිවරණ පරාජයෙන් පසු පැතිරෙන කටකතා ගැන ධවල මන්දිරයෙන් ප්රකාශයක් appeared first on Siyatha News.