රාමායණ කතාවට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පදනම් වී ඇතත්, එය ප්‍රචලිතව ඇත්තේ එම රටවල පමණක් නොවේ. තායිලන්තය, මැලේසියාව සහ ලාඕසය වැනි තවත් රටවල් කිහිපයක ම මෙම කතාව ජනප්‍රවාද අතර පවතී. කෙසේ වෙතත්, එම රටවල පවතින රාමායණ කතාන්දර වාල්මිකීගේ රාමායණයට වඩා තරමක් වෙනස් ය. ඉන් බොහෝමයක් කතාවල රාවණා නිරූපණය වන්නේ, අප සාමාන්‍යයෙන් දකින 'දුෂ්ටයෙකු' හෝ 'අසුරයෙකු' ලෙස නොවේ.ඒ ඒ රටවල රාවණා පිළිබඳව ඇති ආකල්ප ගැන සොයා බැලීමක් මෙහිදී සිදුකෙරේ.