පල්ලේගම හේමරතන හිමි 22 වන දා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග: දැරියගේ මවගේ ඇප ඉල්ලීම ඉවතට

Wait 5 sec.

බාලවයස්කාර දැරියක දූෂණය කළේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කළ, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න කොළඹ රක්ෂිත බන්ධනාගාර අධිකාරිවරයාට අද (මැයි 15) නියෝග කළේ ය.