වැස්ස ගැන ලියැවුණු සිංහල කවි: බොහෝ දෙනෙකුට පීඩාකාරී වැස්ස කවියන්ට පෙනෙන හැටි

Wait 5 sec.

මේ වන විට දින දෙකක් තිස්සේ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇද හැළෙමින් පවතී. වරින් වර ඇති වන තද වැසි හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටිති. නිවසින් පිටව රැකියාවට, පාසලට හෝ අධ්‍යාපන ආයතනයට යන බොහෝ දෙනෙකුට වැස්ස අමිහිරි අත්දැකීමකි.එසේ වුවත්, වැස්ස මිහිරි අත්දැකීමක් ලෙස අත්විඳින පිරිසක් ද සිටිති. ඒ, කවියන් ඇතුළු නිර්මාණකරුවන් ය.වැස්ස බොහෝ නිර්මාණකරුවන් විසින් ප්‍රතිනිර්මාණය කරනු ලැබූ අවස්ථා රැසක් සිංහල සාහිත්‍යයේ පමණක් නොව ලෝක සාහිත්‍යයේ ද දැකිය හැකි ය.