පනත් සංශෝධනයට අනුව රජයේ රස පරීක්ෂක වාර්තාවට අනුව මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 10 හෝ ඊට වැඩි වන අවස්ථාවලදී ඇප ලබාදීමේ විශේෂ බලය මහාධිකරණයට අහිමි කර ඇති අතර එවැනි අවස්ථාවක විශේෂ අවස්ථානුගත කරුණු මත ඇප ලබා දීමේ බලය ඇත්තේ අභියාචනාධිකරණයට පමණයි.රස පරීක්ෂණ වාර්තාවට අනුව මත්ද්‍රව්‍යයේ ශුද්ධ ප්‍රමාණය ග්‍රෑම් 10ට අඩු නම් සුවිශේෂී කරුණු මත ඇප ලබාදීමේ බලය මහාධිකරණය සතු වේ.