නිල්වලා ගඟේ 2022 වසරේ ඉදි කර අවසන් කළ ලවණ බාධකය ඉදි කිරීමේ ව්යාපෘතියේ පාරිසරික බලපෑමේ අධ්යයන වාර්තාව සහ තාක්ෂණික අධ්යයනය සිදු කළ, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්යම උපදේශන කාර්යාංශය විසින් සැලසුම් පිළිබඳ ලබා දී ඇති වාර්තාවේ නිර්දේශයන් අනුව එය ඉදි කිරීමේදී කටයුතු කර නොමැති බව මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර තිබේ.