එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන නෞකා දෙකකට ඉරානයෙන් ප්‍රහාරයක් – එක් අයෙකු මරුට

Wait 5 sec.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඉන්ධන නෞකා දෙකකට ඉරානය ප්‍රහාර එල්ල කර ඇත. ඉරානය විසින් එල්ල කළ මෙම ප්‍රහාරය “නිර්ලජ්ජිත” ප්‍රහාරයක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසා තිබේ. එම ප්‍රහාරයෙන් ඉන්දීය ජාතික නාවික සේවකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ. මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය වන සියලු භාණ්ඩ සඳහා 20%ක ගාස්තුවක් පනවන නව අවහිර කිරීමේ පියවරක් ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම, ඉරානයට දැඩි ලෙස පහර දෙමින් සිටින බව ද ඔහු පැවසීය. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා ලෙස ඉරානය දිගටම කටයුතු කරන බවයි.The post එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන නෞකා දෙකකට ඉරානයෙන් ප්‍රහාරයක් – එක් අයෙකු මරුට appeared first on Siyatha News.