හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මිලිමීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, ඊට භාවිත කර ඇති පතුරම්වල කොපු සහ මෙම අපරාධයට අදාළ අනෙකුත් සියලු ම නඩු භාණ්ඩ එළැඹෙන 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළේ ය.