සුරේෂ් සලේගේ රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලමින් කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්

Wait 5 sec.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි විසින් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.