ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ඉගෙනීමේ අයිතියට හරස් වන පහසුකම් හිඟය

Wait 5 sec.

විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ මවක් ඇය සහ ඇයගේ හත් හැවිරිදි දරුවා පාසලේ සනීපාරක්ෂක ගැටලු හේතුවෙන් දිගින් දිගට ම මුහුණ දුන් අමිහිරි අත්දැකීම් සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ දීර්ඝ විස්තරයක් සඳහන් කර තිබූ අතර, එයට සෘජුව ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ප්‍රතිචාර දක්වමින් කියා තිබුණේ, අදාළ පාසලේ වැසිකිළි පහසුකම් සම්බන්ධ ගැටලුවට වහා ම විසඳුමක් ලබා දෙන බව යි.