සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 2,7500,000/= ( දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක්) වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා. විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ(14) දින උදෑසන හඟුරන්කෙත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 58 ක් වන හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්.සැකකරු අද(15) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසිනුයි මෙහි වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ.The post මුදල් වංචාවකට සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට appeared first on Siyatha News.