එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාක අග්‍රාමාත්‍ය Ali al-Zaidi වොෂින්ටන් ඩී.සී.හි ධවල මන්දිරයේදී හමුවී, දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ඉරාකයේ තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟ වී තිබේ.Ali al-Zaidiගේ එක්සත් ජනපද සංචාරය අතරතුර තෙල් හා ස්වාභාවික වායු ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද ඉරාක රජය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ට්‍රම්ප් ද දෙරටට ප්‍රතිලාභ ගෙන දෙන “ගිවිසුම් රැසක්” ඇති කරගන්නා බව ප්‍රකාශ කර තිබුණිThe post ට්රම්ප් ඉරාක අගමැති හමුවෙයි appeared first on Siyatha News.