ජනතා කේන්ද්‍රීය නගර පාලන සංකල්ප තහවුරු කරමින් නගර ප්‍රතිසංස්කරණ කටයුතු ඉහළ මට්ටමින් සිදු කිරීමේ අවශ්‍යතාව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇත. හෙතෙම මෙම උපදෙස් දී ඇත්තේ ශංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරතුරය.ෂී ජින්පිං මහතා එහි Huangpu දිස්ත්‍රික්කයේ පිහිටි, 1950 දශකයේ ඉදි කළ පැරණි නේවාසික ප්‍රදේශයකට පැමිණියේය. එම නේවාසික ස්ථානයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විමසා බලමින්, එහි නඩත්තු කටයුතු හා සේවා සැපයීමේ මට්ටම් අඛණ්ඩ ව ඉහළ නැංවිය යුතු බවටත් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුතු බවටත් උපදෙස් දුන්නේය. ඉන් පසු, හෙතෙම එම නේවාසික ස්ථානයේ චීන කොමියුනිස්ට් පක්ෂය කේන්ද්‍ර කරගත් මහජනතාව වෙත දෛනික සේවා සැපයීමේ මධ්‍යස්ථානයට පැමිණියේය. එහිදී නේවාසික ජනතාව සහ නිලධාරීන් සමග සුහද පිළිසඳරක ද නිරත විය.The post චීන ජනපති ශංහයි නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි appeared first on Siyatha News.