ඊයේ (15) දින කටුනායක පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් නතර කිරීමට සංඥා කළ යතුරුපැදියක් එය නොනවත්වා ධාවනය කිරීම නිසා, සැකපිට එම යතුරුපැදිය පසුපස හඹා ගොස් දැවමොට්ටාව ප්‍රදේශයේදී එහි පැමිණි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් නිලධාරියෙකුගේ භාරයේ සිටි එම සැකකරු, අනෙක් නිලධාරියා යතුරුපැදිය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී තමා අසල සිටි නිලධාරියා සමඟ පොරබදා පහරදී ඔහුගේ ගිනිඅවිය උදුරාගෙන තිබෙනවා. මෙම ගැටුම සැලවීමත් සමඟ ඒ අසල මාර්ග බාධකයේ සිට පැමිණි පොලිස් නිලධාරියෙකුට සැකකරු විසින් වෙඩි තබා තුවාල සිදුකර ඇති අතර, අනතුරුව එම ගිනිඅවිය පෙන්වා බියගන්වා මාර්ගයේ ගමන් ගත් වෙනත් යතුරුපැදියක්ද කොල්ලකා ඔහු පළාගොස් ඇත.The post පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා පලාගිය සැකකරු අත්අඩංගුවට appeared first on Siyatha News.