රාජ්‍ය සේවය ඩිජිටල් කිරීමට ස්වේච්ඡාවෙන් මෘදුකාංග හදන කළමනාකරණ සේවා නිලධාරී දුෂාන්ත පනංගල

Wait 5 sec.

ඔහු නමින් දුෂාන්ත පනංගල ය. වෘත්තීය මට්ටමින් කළමනාකරණ සේවා තනතුරක් දැරුව ද, මෘදුකාංග සංවර්ධනය කෙරෙහි ඇති සිය දැඩි උනන්දුව සහ කැපවීම නිසා ම ඔහුගේ මෙම උත්සහය ඵලදරා තිබේ. සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙකුගේ පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා වූ සාම්ප්‍රදායික භූමිකාවෙන් ඔබ්බට ඔහු ඇතුළු මෙම කණ්ඩායමේ ස්වේච්ඡා උත්සහය, දකුණු පළාතේ රාජ්‍ය සේවකයින්ට මෙන් ම සමස්ත රාජ්‍ය සේවය ම ඩිජිටල්කරණය කිරීමට රජය දරන ප්‍රයත්නයට ශක්තිමත් සහ සාර්ථක ප්‍රවේශයක් සපයා ඇත.