අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට සෙනසුරාදා (නොවැම්බර් 14) පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන පරිදි, මෙම ජල කප්පාදුව සිදු කෙරෙන්නේ බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයනු ලබන පද්ධතියේ සිදු කෙරෙන හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි.The post කැලණිය සහ ගම්පහ ප්රදේශ රැසකට ලබන සෙනසුරාදා පැය 13 1/2 ක ජල කප්පාදුවක් appeared first on Siyatha News.