වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන්

Wait 5 sec.

9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) චීනයේ ශංහයි හිදී අවසන් විය. මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන දර්ශක පහක් වාර්තාගත ඉහළම මට්ටම කරා ළඟා වී තිබේ. ඒ අනුව, සහභාගී වූ සමාගම් සංඛ්‍යාව 4,142 දක්වා  ඉහළ ගිය ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වේ. සමස්ත ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් 440,000 ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව ද මෙයයි. මෙම ප්‍රදර්ශනයට ලොව ප්‍රමුඛතම සමාගම් 500ට අයත් සමාගම් සහ ප්‍රමුඛ කර්මාන්ත 300කට අධික සංඛ්‍යාවක් එක් විය. ගෝලීය වශයෙන්, ආසියානු කලාපීය වශයෙන් සහ චීනය තුළ ප්‍රථම වරට  ප්‍රදර්ශනය කෙරුණු නිෂ්පාදිත 485ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් විය. එසේම අපේක්ෂිත ගනුදෙනු වටිනාකම මෙම වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 85.45 දක්වා ළඟා වූ අතර එය පසුගිය වසරේ ප්‍රදර්ශනයට වඩා 2.3% ක වැඩිවීමකි. ශ්‍රී ලංකාව හා කැනඩාව මෙවර ප්‍රදර්ශනයේ ගෞරවනීය ආරාධිත රටවල් ලෙස එක් විය.The post වාර්තා පිට වාර්තා තැබූ 9වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව අවසන් appeared first on Siyatha News.