ඇතැම් ක්‍රිස්තියානි දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මය විෂයට පෙනී සිටීමට සිදුව ඇත්තේ ඇයි?

Wait 5 sec.

"අපේ පුතාට සාමන්‍ය පෙළ විභාගයට බුද්ධ ධර්මය විෂයට පෙනී සිටින්න වෙලා. එයාට අමුතුවෙන් ඒක ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ. මේක දරුවාට අනවශ්‍ය බරක්. ඉස්කෝලෙන් කිව්වේ ක්‍රිස්තු ධර්මය උගන්වන්න ගුරුවරු නැති නිසා ක්‍රිස්තු ධර්මය උගන්වන්න විදිහක් නෑ කියලා. "මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 15 හැවිරිදි ක්‍රිස්තියානි දරුවෙකුගේ මවක් බීබීසී සිංහල සේවයට පැවසීය.