” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යනු එකිනෙකා කතා කිරීම පවා ප්‍රතික්ෂේප කළ ලෝක බලවතුන් දෙදෙනා බව අමුතුවෙන් විග්‍රාහ කළ යුතු නැහැ.ඒ නායකයින් දෙදෙනාවම එකම මේසයක හ`ිදුවා තමා ද එහි අසුන්ගෙන සමස්ත ලෝකයම බියෙන් ගැහෙමින් තිබූ ප්‍රශ්නයකට උත්තර සෙවූ ශ්‍රේෂ්ඨතම වත්මන් ලෝක නායකයා චීන ජනාධිපති ෂි ජින්පිං බව සෘජුවම මුලින්ම ලිවීමට කැමතියි. ”සැබැවටම චීන ජනාධිපති ෂි ජින්පිං සමස්ත ලෝකයටම අගනා වටිනා රාජත්‍රාන්ත්‍රික තෑග්ගක් සිය නායකත්වය තුළ ලබා දුන් බව මාගේ විශ්වාසයයි.ඒ ත්‍යාගය කුමක් ද? යම් නායකයෙකුට ලෝකයටම බලපාන ප්‍රයෝජනවත් තෑග්ගක් ලබා දීමට හැකි වීම සරල කාර්යයක් නෙවෙයි.චීනයේ Shenzhen හිදි පැවැත්වූ APEC රාජ්‍ය නායක සමුළුව සමස්ත ලෝකයටම මෙවර වැදගත් වූයේ මේ ලෝක බලවතුන් තිදෙනාම එකම මෙසයක සිට සාකච්ඡා කළ බැවිනුයි.මුහුණ බලාගෙන කතා කරන්නට පවා අකමැත්තක් දැක්වූ රාජ්‍ය නායකයින් දෙදෙනෙකුට එකම මේසයක අසුන් පනවා තමා ද එහි අසුන්ගෙන ෂි ජින්පිං ජනාධිපතිවරයා එක් පසෙකින් තම රාජතාන්ත්‍රකභාවය සේ ම ලෝක සාමයේ පෙර ගමන්කරුවා ද තමා බවට සමස්ත ලෝකයට ම පණිවුඩයක් දුන් බව මගේ හැඟීමයි.මෙම ත්‍රෛයිපාර්ශවීය රාජ්‍ය නායක හමුවේදී තිදෙනාම එකඟ වූ ප්‍රධාන කරුණු හතර ගැඹුරින් විග්‍රහ කිරීම තුළින් ෂි ජින්පිං ජනාධිපතිවරයා වත්මන් ලෝක සාම දූත නායකයා සේ ම සංවර්ධනයේ පෙරගමන්කරුවා ලෙසද හඳුනා ගත හැකියි.ලෝක ආර්ථිකයේ සේ ම යුධ හා න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාම ඉදිරියේ දී චීන ජනාධිපති ෂි ජින්පිං මහතා කළ කතාවේ ප්‍රායෝගික ජයග්‍රහණය වූයේ මේ රාජ්‍ය නායකයන් එකඟ වූ සාම ප්‍රකාශණයයි.ලෝක ඉතිහාසයේම මේ බලවතුන් තිදෙනා එකට මුණ ගැසී ර්‍ණ සාමය සහ සංවර්ධනය ” වෙනුවෙන් එකට අත්වැල් බැඳගත් අවස්ථාවක් මීට පෙර තිබුණේ නැති බව ද අපි මතක තබා ගත යුතුයි.සාම ප්‍රකාශනයේ ඡුැ්ජැ ෘැජක්ර්එසදබ හි න්‍යෂ්ටික අවි අවදානම අවම කිරීමේ එකඟතාව මාගේ විශ්වාසයේ හැටියට චීන ජනාධිපතිවරයා ලෝකයට ලබා දුන් ලොකුම තෑග්ගයිග මේ ත්‍යාගය මුළු ලෝකයම අපේක්ෂා කළ පොරොන්දුවක්.” න්‍යෂ්ටික යුද්ධයකින් කිසිවෙකුට ජයගත නොහැකි ” බවට මේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා ලඟ තබාගෙන ප්‍රකාශ කළ ෂි ජින්පිං ජනාධිපතිවරයා මේ දෙදෙනවම එක අරමුණකට ඒකාග්‍ර කර ගැනීමට සමත් වීම සැබෑවට ම ප්‍රබලම ජයග්‍රහණය බව කිව යුතුයි.විශේෂයෙන් අමෙරිකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම් අඩපන වී අක්‍රීයව තිබූ බව අපි දනිමුග ඒ නිසා සැබෑවට ම ලෝකය පුරාම වුයේ මහා විනාශයක නිහඬ බියයි.ෂි ජින්පිං ජනාධිපතිවරයා මේ රටවල් දෙකම යළි සංවාදයට කැඳවීම තුළ ම ඔහු මොන තරම් ශ්‍රේෂ්ඨල දූරදර්ශි නායකයෙකු ද යන්න මනාව විදහා දක්වනු ලැබිණ.එක්තරා විදිහකින් මේ රාජ්‍ය නායකයන් දෙදෙනාව ලඟ තබා ගෙන මෙවන් යෝජනාවකට එකඟ කර ගැනීමට සමත් වීම තුළ ෂි ජින්පිං ජනාධිපතිවරයාගේ රාජතාන්ත්‍රික බලය ද මැනවින් ප්‍රදර්ශනය කළ බව මගේ විශ්වාසයයි.මේ පාර්ශ්ව දෙකම බරපතළ ගැටුම්කාරී කණ්ඩායම් දෙකක් බව අපි දනිමු.අමෙරිකානු මැදපෙරදිග කලාපය තුළත්ල රුසියාව යුක්‍රේනය තුළත් යුධමය ක්‍රියාමාර්ගවල නිරතව සිටිනවා.මෙහිදී ෂි ජින්පිං ජනාධිපතිවරයා මොන තරම් ප්‍රායෝගිකල දූරදර්ශි උපායමාර්ගික නායකයෙකු- ද යන්න පෙන්වා දුන්නාග ඒ යුක්‍රේනය සහ ඉරාන යුධ ගැටුම් ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පුටින් අතර දැඩි මතභේදය ඔහු සාකච්ඡා මේසයට ගෙනාවේ නැහැ.සමුළු මේසය මතට මේ ගැටුම ආවානම් සාම ප්‍රකාශනය සාර්ථක නොවෙන්න තිබුණ බව කිව යුතුයිග ඒ වෙනුවට චීන ජනාධිපති ෂි ජින්පිං වටමේසයට ගෙනාවේ න්‍යෂ්ටික අවි පාලනය සහ ගෝලීය බලශක්ති ප්‍රවාහනය වැනි ලෝකයට ම බලපාන ප්‍රබල මාතෘකාවයි.මෙය සැබෑවට ම ෂි ජින්පිං ජනාධිපතිවරයා මොන තරම් දූරදර්ශී නායකයෙකු යන්න මනාව ඔප්පු කළ බව මාගේ විශ්වාසයයි.ඒ අනුව මෙම වටමේසයේ ලද පළමු ජයග්‍රහණය න්‍යෂ්ටික යුද්ධයකින් කිසිවෙකුටත් ජයගත නොහැක යන එකඟතාවට ට්‍රම්ප් සහ පුටින් එකඟ කරවාගැනීමයි.මෙය එක්තරා විදිහකින් ලෝක සාමයේ නියමුවාල තමා ප්‍රමුඛ චීනය බව ෂි ජින්පිං ජනාධිපතිවරයා ලෝකයට අවධාරණය කරනු ලැබුවා.මේ වනවිට සමස්ත ලෝකයම අස්ථාවර බලශක්ති සැපයුම හමුවේ බරපතළ අවදානමක පවතින බව සත්‍යයක්ග එහිලා ගෝලීය බලශක්ති සැපයුම ස්ථාවර කිරීම පිළිබඳව ලෝක බලවතුන් තිදෙනාගේ ම අවදානය යොමු වීම සමස්ත ලෝකයටම මහත් අස්වැසිල්ලක්.විශේෂයෙන් පිරිපහදු කළ පෙට්‍රෝලියම් නිෂ්පාදන සැපයුම ඉහළ නැංවීමට ගත් තීරණය මගින් ගෝලීය උද්ධමනය පාලනය කිරීමේ අවස්ථාව උදාවනු ඇත.චීන ජනාධිපති ෂි ජින්පිංගේ මේ තීරණය ගෝලීය උද්ධමනය පාලනය සහ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෑත කාලයේ ගනු ලැබූ ප්‍රායෝගිකම තීරණය බව අවිවාදාත්මකයිග මේ ආර්ථික දායාදය ෂි ජින්පිං ජනාධිපතිවරයා ත්‍රෛයිපාර්ශවීය සාකච්ඡාව ඔස්සේ ලෝකයට ලබා දුන් තවත් අපූරු තෑග්ගක්.සැබෑවට ම මේ ලිපියේ මාතෘකාව මා චීන ජනාධිපතිගේ ” අමිල තෑගි ” යනුවෙන් යෙදුවේ ද මේ නිසයි.විශේෂයෙන් රුසියාව ලෝකයේ ප්‍රධානම ඛණිජ තෙල් සැපයුම්කරුවෙකු වනවාග බටහිර රටවල් පැනවූ සම්බාධක නිසා රුසියානු තෙල් අපනයනයට දැඩි බාධා එල්ල වී තිබුණාග ගෝලීය බලශක්ති මිල පාලනය සඳහා තෙල් සැපයුමට ට්‍රම්ප් හා පුටින් එකඟ කරවා ගැනීම තුළ ෂි ජින්පිං ජනාධිපතිවරයා සමස්ත ලෝකයට ම ආර්ථික ජයග්‍රහණයක් අත්කර දීමට සමත්ව ඇති බව පිළිගත යුතුයි.සැබෑවට ම මෙය ෂි ජින්පිං ජනාධිපතිවරයා සතු උපායමාර්ගික ඥානය සහ දැක්ම සනාථ කරවන්නක්.එසේ ම රුසියාව සමග ගනුදෙනු කරන චීන ආයතනවලට එරෙහිව අමෙරිකාවෙන් මෙතෙක් එල්ල ව තිබූ සම්බාධක පීඩනය ද මේ සමග අඩු වනු ඇතැයි උපකල්පනය කළ හැකියි.මෙම ත්‍රෛයිපාර්ශ්වික හමුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීමට සහ ජාත්‍යන්තර නීතිල පද්ධති වෙනස් කිරීමට නායකයන් තිදෙනාගේ එකඟතාව ද අතිශය වැදගත් සාදකයක්. විශේෂයෙන් චීන ජනාධිපති ඉතා දිගු කලක සිට සිදු කරන ප්‍රකාශයක් අනුමත කර ගැනීමට සමත් වීමක් ලෙසත් මෙය හඳුන්වා දිය හැකියි.ෂි ජින්පිං ජනාධිපතිවරයා නිතර ප්‍රකාශ කරන්නේ ” එක්සත් ජාතින්ගේ ආර්ක්ෂක මණ්ඩලයේ අනුමැතියක් නැතිව ඒකපාර්ශ්විකව පනවන සම්බාධක නීති විරෝධී ” බවයි.මෙම එකඟතාව තුළ ෂි ජින්පිං ජනාධිපතිවරයා දිගු කලක සිට දරන උත්සහය ජයග්‍රහණය කර තිබෙනවාග එසේ ම අවසානයේ දීඔනෑම රටක රාජ්‍ය නායකයෙකුට හෝ උසස් නිලධාරීයෙකුට එරෙහිව ජාත්‍යාන්තර අධිකරණවලට නඩු පැවරීමට හෝ වරෙන්තු නිකුත් කිරීමට බලයක් නැති විය යුතු යන්නට ද මේ නායකයන් තිදෙනා එකඟ වුණා.සමස්ථයක් ලෙස මෙම ත්‍රෛයිපාර්ශ්වික සාකච්ඡාවට ට්‍රම්ප් හා පුටින්ව ගෙනඒම තුළ චීන ජනාධිපති ෂි ජින්පිං ලද ජයග්‍රහණය ඵෙතිහාසිකයිගසමුළුව අවසානයේ දී ට්‍රම්ප් සේ ම පුටින් ද චීන සත්කාරකත්වය වෙනුවෙන් සිදු කළ ප්‍රශංසාව චීන ජනාධිපතිවරයා චීනයට පමණක් නොව ලොවට ම දිනා දුන් ජයග්‍රහණයක් බව ලිවිය යුතුයි.එසේ ම තායිවාන ප්‍රශ්නයේ දී අමෙරිකාව ඉන් ඉවත් කර ගැනීම හුදු ෂි ජින්පිං ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව ඔහුගේ අභීත නායකත්වය තුළ සමස්ත චීනයට ම ලබා දුන් තෑග්ගක් බව මාගේ විශ්වාසයයි.සටහන – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලාල් හේමන්ත මාවලගේවොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයThe post ජනාධිපති ෂි ජින්පිංගේ අමිල තෑගි appeared first on Siyatha News.