APEC ආර්ථිකයන් සංවර්ධන ආශ්චර්යයක් නිර්මාණය කර ඇතැයි විදෙස් නායකයන් පිළිගනිමින් චීන ජනපති කියයි

Wait 5 sec.

චීන ජනාධිපති ෂී ජින්පිං හා ආර්යාව Peng Liyuan විසින් 33 වැනි APEC ආර්ථික නායක සමුළුවට එක්වීම සඳහා Shenzhen නගරයට පැමිණ සිටින සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පැවැත්වූහ. ඊයේ(18) රාත්‍රියේ Shenzhen ජාත්‍යන්තර හුවමාරු මධ්‍යස්ථාන‍ ශාලාවේදී පැවැත්වුණු එම භෝජන සංග්‍රහයේදී ෂී ජින්පිං සම්භාවනීය අමුත්තන් ආමන්ත්‍රණය කළේය.චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් සියළු අමුත්තන්ගේ පැමිණීම උණුසුම් ලෙස පිළිගන්නා බව ෂීජින්පිං එහිදී ප්‍රකාශ කළේය.Shenzhen නගරයේ කතාව චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය පිළිබිඹු කරන සියුම් ආදර්ශයකි. පරම්පරාවෙන් පරම්පරාවට එහි සංවර්ධනයට දායක වූ ජනතාව, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ඔස්සේ අභියෝග ජය ගනිමින්, අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කර තිබේ. එමගින් නිෂ්පාදන බලවේග නිදහස් කරමින් හා සංවර්ධනය කරමින්, චීන මාදිලියේ නවීකරණයේ විවිධ පැතිකඩ විදහා දක්වා ඇති බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. Shenzhen හි සංවර්ධනයේ කතාව ආසියා-පැසිෆික් සහයෝගිතාවේ සාර්ථක නිදසුනක් ලෙස ද සැලකිය හැකිය. භූගෝලීය සීමා සහ අදහස්වල වෙනස්කම් අභිබවා යමින්, ආසියා-පැසිෆික් කලාපයේ ආර්ථිකයන් කලාපීය සහයෝගිතාවේ පුළුල් වේදිකාවට සක්‍රියව එක්ව තිබේ. එමගින් වේගවත් ආර්ථික සංවර්ධනයක් අත්කර ගනිමින් ‘ආසියා පැසිෆික් ආශ්චර්යය’නිර්මාණය කර ඇත.ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා සංවිධානය (APEC) පිහිටුවීමේ සිටම, එම සංවිධානය කාලීන අවශ්‍යතා මනාව හඳුනා ගනිමින්, ආසියා පැසිෆික් ආර්ථික ඒකාබද්ධතා ක්‍රියාවලියට නායකත්වය ලබා දී තිබේ. මේ තුළින් එම කලාපය ලෝකයේ වඩාත්ම ජීවගුණයෙන් පිරි ආර්ථික කලාපයක් මෙන්ම ප්‍රධාන ආර්ථික වර්ධන එන්ජිමක් බවට පත් කිරීමට APEC සංවිධානය සමත් වී තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.The post APEC ආර්ථිකයන් සංවර්ධන ආශ්චර්යයක් නිර්මාණය කර ඇතැයි විදෙස් නායකයන් පිළිගනිමින් චීන ජනපති කියයි appeared first on Siyatha News.