සැමට පොදු ප්‍රතිලාභ හිමිවන ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම ගැන APEC ආර්ථික නායක සමුළුවේදී චීන ජනපති අවධාරණය කරයි

Wait 5 sec.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC ආර්ථික නායක සමුළුව අද (19) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරම්භ විය.ෂී ජින්පිං මහතා එම සමුළුව අමතමින් “ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගමින් ‘ආසියා-පැසිෆික් ආශ්චර්යයේ’ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම” යන මැයෙන් යුත් වැදගත් දේශනයක් ද පැවැත්වීය.දශක තුනකට පෙර යුගයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි, APEC  සංවිධානය ස්ථාපිත කිරීමත් සමගම ආසියා පැසිෆික් කලාපය ගොඩනැගීමේ දැවැන්ත ගමන ආරම්භ වී තිබෙන බව ෂී ජින්පිං මහතා එම සමුළුවේදී පැවසීය. ගතවූ වසර 30ක කාලය තුළ ආසියා පැසිෆික් කලාපය දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින අතර ආර්ථිකය වේගවත්ව සංවර්ධනය වෙමින් “ආසියා-පැසිෆික් ආශ්චර්යය” නිර්මාණය කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.වර්තමානයේ ඇති නව අවස්ථාවන් හා අභියෝගයන් හමුවේ ආසියා පැසිෆික් සහයෝගිතාව නව තත්ත්වයන්ට අනුකූලව නව පරිච්ඡේදයක් නිර්මාණය කළ යුතු ය. අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම, විවෘතභාවය හා අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය, නවෝත්පාදනය හා සාමුහික සංවර්ධනය තුළ කටයුතු කරන ආසියා පැසිෆික් ප්‍රජාවක් නිර්මාණය කළ යුතු බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.චීනය, ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික සහයෝගිතා සඳහා පෙනී සිටිමින් එය තහවුරු කරන්නෙක් බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. විවිධ පාර්ශ්වයන් සමග එක්ව ආසියා ශාන්තිකර පොදු ප්‍රජාවක් සඳහා කේන්‍ද්‍රීය පදනමක් සැකසීම චීනයේ අපේක්ෂාවය. ඒ වෙනුවෙන්, ආර්ථික හා වෙළඳ පදනම තහවුරු කිරීමත්, අන්‍යෝන්‍ය සබඳතා ඇති කර ගැනීම ද වැඩි දියුණු කළ යුතුය. මෙමගින්, කලාපීය ආර්ථික හා වෙළඳාමට අදාළ ගිවිසුම් සඳහා වැදගත් වන සබඳතා පවත්වා ගනිමින් ආසියා ශාන්තිකර නිදහස් වෙළඳ කලාපයන් සඳහා වන ප්‍රතිපත්තිමය සංවාද තහවුරු කළ යුතු අතර, ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳාම පිළිබඳ ක්‍රියාවලීන් වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් පෙනී සිටීමේ ශක්‍යතාවන් ඉහළ නංවාලීමට ද අපේක්ෂා කෙරේ.එමෙන්ම, යටිතල පහසුකම් ජාල වැඩි දියුණු කරමින් ප්‍රතිපත්තිමය හා අධීක්ෂණ සම්බන්ධීකරණ තහවුරු කර මානව සන්නිවේදනය හා මානව සබැඳියාව ශක්තිමත් කිරීමට ද ඒ හරහා බලාපොරොත්තු වෙයි. ඒ අතරම, නවෝත්පාදන බිහි කරමින් සංවර්ධනය වෙත ප්‍රමුඛත්වයක් ලබා දීම ද කළ යුතු බව චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. මේ යටතේ, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් විවෘතභාවයකින් යුත් නවෝත්පාදන පරිසරයක් බිහි කළ යුතුය. තවද, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් පුළුල්ව භාවිතය දිරිගන්වමින් කලාපීය බලශක්ති හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සහයෝගිතා ඉදිරියට රැගෙන යාමත්, රටවල් සමග අන්‍යෝන්‍ය සහයෝගීත්වයෙන් අල්ලස හා දූෂණය පාලනය මෙන්ම ස්වාභාවික සම්පත් නිසි ලෙස භාවිතය හා සංරක්ෂණය තුළින් තිරසර ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීමත් සිදු කළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය.චීනය ආසියා-පැසිෆික් කලාපයේ සහයෝගීතාවට අඛණ්ඩව අනුබල දෙන බව ෂී ජින්පිං මහතා පැවසීය. APEC සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවට සහාය වීම වෙනුවෙන් චීනය ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් සපයනු ඇත. ආසියා-පැසිෆික් ප්‍රජාවක් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය Shenzhen නගරයේදී ස්ථාපිත කරමින් ප්‍රතිපත්ති අධ්‍යයනය හා හුවමාරු චීනය සිදු කරනු ඇත. ආසියා-පැසිෆික් කලාපයේ සහයෝගීතාව මත ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාතික දත්ත ගලනය, පිරිසිදු බලශක්ති, මධ්‍යම හා සුළු ව්‍යවසායන් සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතා ආයතන ස්ථාපිත කරමින් ආසියා-පැසිෆික් කලාපයේ නවෝත්පාදනය හා පරිසර හිතකාමී වර්ධනය බිහිකිරීමට චීනය ක්‍රියා කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.The post සැමට පොදු ප්‍රතිලාභ හිමිවන ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීම ගැන APEC ආර්ථික නායක සමුළුවේදී චීන ජනපති අවධාරණය කරයි appeared first on Siyatha News.