'රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි?' : අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

Wait 5 sec.

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රය ආසන්නයේ පිහිටි දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේ ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි එළඹෙන 26 වැනි දින විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේට අද (නොවැ.17) නියෝග කළේය.