'මම හැම දා ම දුවව රැක්කා, ඒත් එදා මට බැරි වුණා': අනුරාධපුර වෛද්‍යවරියගේ පියා කඳුළු සලමින් අධිකරණය හමුවේ කළ හෙළිදරව්ව

Wait 5 sec.

විශේෂඥ වෛද්‍යවරියක වන තම දියණිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබා දෙමින් වින්දිත වෛද්‍යවරියගේ පියා ප්‍රකාශ කළේ, තම දියණිය මීට පෙර සේවය කළ ත්‍රිකුණාමලය සහ කුලියාපිටිය රෝහල්වල ඇයට නිසි ආරක්ෂාවක් තිබූ බවයි. ජීවිතයේ සෑම අවස්ථාවකම තම දියණිය ආරක්ෂා කළ බවත්, එහෙත් මෙම සිද්ධියේදී දියණිය ආරක්ෂා කර ගැනීමට තමන්ට නොහැකි වූ බව හැඟීම්බරව කඳුළු සලමින් පවසා සිටි වින්දිත වෛද්‍යවරියගේ පියා, තම දියණිය නවාතැන් ගෙන සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ තනිකඩ වෛද්‍ය නිල නිවස තුළ ඇයට කිසිදු ආරක්ෂාවක් තිබී නැති බවත් කියා සිටියේ ය.