පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' බව කී නවුෆර් මවුලවි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කිව්වේ මොනවා ද?

Wait 5 sec.

නවුෆර් මවුලවි විත්ති කූඩුවේ සිට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින්, "ස්වාමීනි.... මෙම නඩුවෙන් මට චෝදනා එල්ල කරලා තිබෙනවා, පාස්කු ප්‍රහාරය සිදු කළ සහරාන්, වස්තුන්, ඉන්සාබ්, ඉල්හාම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයින් ඇතුළු නව දෙනෙකු සමග තමන් එක්ව ජාතික එකමුතුව බිඳ හෙලමින් අන්තවාදය හා ත්‍රස්තවාදය උත්සන්න වන ආකාරයේ ක්‍රියාවන් සිදුකළ බවට. ඒ වගේ ම තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා අන්තවාදී හා ත්‍රස්තවාදී දේශන පවත්වමින් ජාතීන් අතර එකමුතුව හා සංහිඳියාව බිඳ හෙළමින් තමා කටයුතු කළ බවට. එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මට එරෙහිව මේ නඩුව තුළින් චෝදනා 940 ක් එල්ල කර තිබෙනවා. මේ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා," යනුවෙන් සඳහන් කළේ ය.