චීනයෙන් කොලොම්බියාවට හදිසි සහනාධාර තොගයක්

Wait 5 sec.

කොලොම්බියාව මුහුණ දී ඇති ප්‍රබල භූකම්පන ආපදා තත්ත්වය වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන හදිසි මානුෂීය සහනාධාර භාණ්ඩ තොගය අද(18) අලුයම චීනයේ බෙයිජිං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත් විය. ටොන් 80ක් පමණ බරැති මෙම භාණ්ඩ තොගයට, විදුලි ජනක යන්ත්‍ර, ජල පිරිපහදු ට්‍රක් රථ, විෂබීජ නාශක උපකරණ, සූර්ය ආලෝක උපකරණ, කූඩාරම් සහ බ්ලැන්කට් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් වේ. AirChina සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් කොලොම්බියානු බොගෝටා අගනුවරට මෙම භාණ්ඩ ප්‍රවාහනය කරන අතර කොලොම්බියානු වේලාවෙන් අද දහවල් සහනාධාර භාණ්ඩ තොගය ළඟා වීමට නියමිතය.   කොලොම්බියාවට පසුගිය 10වැනිදා බලපෑ රික්ටර් මාපක 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයෙන් බරපතල ජීවිත සහ දේපළ හානි සිදු විය. කොලොම්බියාවේ ආපදා සහන සහ පශ්චාත් ආපදා කටයුතු වෙනුවෙන් සහනාධාර භාණ්ඩ තොග මෙන්ම එරටට හදිසි මුදල් ආධාර ලබාදීමට ද චීන රජය තීරණය කර ඇත.The post චීනයෙන් කොලොම්බියාවට හදිසි සහනාධාර තොගයක් appeared first on Siyatha News.