අක්මාව යනු මිනිස් සිරුරේ අත්‍යවශ්‍ය ම අංගයක් වන අතර, එහි ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල වුවහොත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවන හෙයින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනු ඇත.ලෝක ජනගහනයෙන් 30%කට අධික ප්‍රතිශතයක් ෆැටී ලිවර් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.එනම්, සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු එම රෝගයෙන් පෙළෙයි.