හිටපු චීන ජනපති Jiang Zemin මහතාගේ 100වන ජන්ම දින සංවත්සරය සැමරේ. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් අද(17) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. චීන ජනාධිපති, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඊට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.Jiang Zemin මහතා සිය දීප්තිමත් දිවිම‍ගේ චීන ජාතික ස්වාධීනත්වය ,ජනතා විමුක්තිය, රටේ සමෘද්ධිය හා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් සටන් කළ බව ෂී ජින්පිං මහතා දේශනයෙන් කියා සිටියේය. දශක 7ක විප්ලවීය ජීවිතය තුළ විශේෂයෙන් 13වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ 4වන පූර්ණ සැසිය පැවැත්වීමෙන් පසු පක්ෂයේ හා රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමේදී Jiang Zemin මහතා සතු දැනුම හා දැක්ම පරිණත දේශපාලනඥයෙකු වශයෙන් මැනවින් විදහා තිබිණ. හෙතෙම අපගේ පරමාදර්ශයක් බව ෂී ජින්පිං මහතා පවසයි.රටේ දීප්තිමත් ඉදිරි ගමන පිළිබඳ Jiang Zemin මහතා දැඩි ආත්ම විශ්වාසයකින් පුරෝකථනය කර ඇත. අද එම පුරෝකථනය කෙමෙන් යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන බව චීන ජනාධිපතිවරයා සඳහන් කරයි. චීන ‍කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව වටා එක්සත් වී රටේ සොඳුරු හෙට දවස වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා සිය දේශනයෙන් සමස්ත පක්ෂ සාමාජිකයන්, සමස්ත චීන හමුදා සේවකයන් සහ සමස්ත චීන ජනතාවගෙන් ඉල්ලා සිටී.The post හිටපු ජනපති Jiang Zemin මහතාගේ 100වන ජන්ම දින සැමරුට චීන ජනපති එක්වෙයි appeared first on Siyatha News.