චීනයේ දින අටක රාජ්‍ය සංචාරයක් සඳහා ඉක්වදෝර ජනාධිපති Daniel Noboa මහතා ඊයේ(16) පෙරවරුවේ බෙයිජිං නුවරට පැමිණියේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු චීන සංචාරය මෙයයි.චීන-ඉක්වදෝර පූර්ණ උපායමාර්ගික සබඳතාව ස්ථාපිත කිරීමේ 10 වන සංවරත්සරය මෙම වසරට යෙදෙයි. මෙම සංචාරය අවස්ථාවක් කරගනිමින් චීනය හා ඉක්වදෝරය අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය හා සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව තහවුරු කිරීමට අපෙක්ෂා කෙරේ. දෙරට පූර්ණ උපායමාර්ගික සම්බන්ධතාව තුළින් නව ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමෙන් දෙරට ජනතාවට වඩාත් වැඩි වාසි ලබා දීමට බලාපොරොත්තු වන බව ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත.The post ඉක්වදෝර ජනපති බෙයිජිං නගරයට appeared first on Siyatha News.