සිනමාවට නව පණක් ගෙනෙන චීන යුද විරෝධී චිත්‍රපට

Wait 5 sec.

Once Upon A Time in the Middle East’ යන මැයෙන් යුත් යුද විරෝධී චීන චිත්‍රපටය ඉකුත් 11 වැනිදා චීනය පුරා නිල වශයෙන් තිරගත වීම ආරම්භ විය. ගෞරවය සහ ලෙන්ගතුකම ප්‍රකට වන පරිදි නිර්මාණය කර ඇති හෙයින් මෙම චිත්‍රපටය කාගේත් සිත් ඇද බැඳ ගැනීමට සමත්ව ඇති අතර ඉහළ පැසසුමට ද ලක් වීම විශේෂත්වයකි.මැදපෙරදිග කලාපයේ පදිංචිය සඳහා, ඊසාන දිග චීනයෙන් පැමිණෙන අරක්කැමියෙකුගේ දෘෂ්ටිකෝණයෙන් ඔහුගේ හැඟුම් බර කතා පුවත මෙම සිනමාපටය තුළ රූගත කර ඇත. මැදපෙරදිග කලාපයේ සිදුවන ආක්‍රමණික යුද්ධයේ කුරිරු බව එහිදී මැනවින් අනාවරණය කෙරෙන අතර, ‘පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක්’ යන සංකල්පය ද එකී චිත්‍රපටය මගින් මනාව පිළිබිඹු කෙරේ.මේ දිනවල තිරගත කෙරෙන ‘Once Upon A Time in the Middle East’ ඇතුළු චීනයේ සංකේතාත්මක චිත්‍රපට මගින් ගෝලීය සිනමා කර්මාන්ත ක්‍රමවේදය තුළ, විෂය මූලික ආඛ්‍යානයක් ඇති කිරීමට මෙන්ම ජාත්‍යන්තරය තුළ නිසි බලපෑමක් ඇති කිරීමට ද චීනය මෑත වසරවලදී සමත්ව ඇත. චීන ජාතිකයින්ගේ දැක්මට අනුව, සෑම ශිෂ්ටාචාරයකම තමන්ට අනන්‍ය වූ සුවිශේෂී ලක්ෂණ දක්නට ඇත. ඒ අනුව යමින් සෑම රටකටම සිය සංවර්ධන මාවත තෝරා ගැනීමේ අයිතිය ද ඔවුන් සතුය. ‘මානවයාගේ ශිෂ්ටාචාර විවිධත්වය’ සවිබල ගැන්වීම සිදුවන්නේ එවිටය.The post සිනමාවට නව පණක් ගෙනෙන චීන යුද විරෝධී චිත්‍රපට appeared first on Siyatha News.