දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ රටවල් 16ක සහභාගීත්වයෙන්

Wait 5 sec.

දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ අගෝස්තු 22 වැනිදා බෙයිජිංහිදී ආරම්භ වීමට නියමිතය. බෙයිජිං නාගරික රජය හා චීන මාධ්‍ය සමූහය සංවිධාන කරන මෙවර ක්‍රීඩා උලෙළට රටවල් 16කින් කණ්ඩායම් 666ක් සහභාගි වනු ඇත. තරග 51ක් සඳහා රොබෝවරු 2056ක් එක්වීම විශේෂත්වයකි. මෙවර තරග සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව පසුගිය පළමු ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළට සාපේක්ෂව සියයට 138කින් වැඩි වී ඇති අතර එහි රොබෝ සංඛ්‍යාව  ද දෙගුණයකින් වැඩි වී ඇත.සියලු ප්‍රමුඛ පෙළේ සමාගම් ආවරණය කරමින් චීනයේ රොබෝ නිෂ්පාදන සමාගම් 157ක් මෙවර උලෙළට සහභාගි ‍වීමට නියමිතය.   මෙම ක්‍රීඩා උලෙළට දුර පැනීම, බර එසවීම, මේස පන්දු තරග ඇතුළු ප්‍රබල සටන් තරග ද ඇතුළත් වේ. එමෙන්ම ගෘහාශ්‍රිත සේවා, හෝටල් සේවා හා භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍ර 9කදී රොබෝවරුන් භාවිත කරන ආකාරය සම්බන්ධ තරග 14ක් ද පැවැත්වීම විශේෂත්වයකි. මානවරූපී රොබෝවරුන්ට භෞතික ලෝකය පිළිබඳ ඇති අවබෝධය සහ පූර්ණ සම්බන්ධීකරණ හැකියාව පරීක්ෂා කිරීම එහි අපේක්ෂාවයි.  The post දෙවන ලෝක මානවරූපී රොබෝ ක්‍රීඩා උලෙළ රටවල් 16ක සහභාගීත්වයෙන් appeared first on Siyatha News.