ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව තවදුරටත් පහළ මට්ටමක පවතින බව EF ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකයේ (EF EPI) නවතම වාර්තාව අනාවරණය කර තිබේ.2025 EF ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා දර්ශකයට අනුව, රටවල් 123ක් අතරින් ශ්‍රී ලංකාව පසු වන්නේ 73 වන ස්ථානයේ ය.ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව "පහළ ප්‍රවීණතා" (Low Proficiency) කාණ්ඩයට අයත් වේ.