'සූම්' ඔස්සේ අධිකරණයේ පෙනී සිටි 'හරක් කටා' නැගූ මැසිවිලි සහ විනිසුරුවරයා දුන් නියෝග

Wait 5 sec.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී සිටින හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය පසුගිය දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අද (අගෝ: 20) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේ ය. මෙම නඩුව සඳහා විත්තිකාර හරක් කටා 'සූම්' ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.