ඊයේ (05) දින සවස නාරම්මල පොලිස් වසමේ නාරම්මල කටුපොත මාර්ගයේ සියඹලාගස්කොටුව ප්‍රදේශයේදී කටුපොත දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී යතුරුපැදිය පෙරලී ගොස් නවතා තිබූ වෑන් රථයකද පැදිකරු ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා කටුපොත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ත්‍රීරෝද රථයේ රියැදුරුද තුවාල ලබා ප්‍රථිකාර සඳහා නාරම්මල රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ. මරණකරු අවුරුදු 19 ක් වූ සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නාරම්මල පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවටයි සඳහන් වන්නේ.The post යතුරුපැදියක් ත්රීරෝද රථයක ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට appeared first on Siyatha News.