ඉරිදා දිනයේ [ජූලි 09] මිගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම 'මේ වන විට සමථයකට පත්ව ඇතැයි' වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ප්‍රසාද් හේමන්ත කුමාර බීබීසී සිංහල සිදු කළ විමසීමකදී කියා සිටියේ ය. මේ වන විට එම ගැටුමෙන් දෙදෙනෙකු මියගොස් 39 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.